මං එහෙම කියනකොට ම වරූන් අපේ දොරකොඩට ඇවිත් කුරුල්ලෙක් වගේ "ක්‍රීක් ක්‍රීක්" ගෑවා. එයා දැක්කම මට ඇතිවුණු සතුටට මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. වරූන් ඇවිත් හිටියේ අලුත්ම ඉස්කෝල ඇඳුම් ඇඳගෙන. වරූන්ගේ එක අතක අලුත්ම කොට කලිසමක්.
"මේක ඔයාට" කලිසම මට දික්කර ගෙන වරූන් කීවා.
"කොයින්ද?"
"මට කලිසන් දෙකයි. කමිස දෙකයි. අම්මා අරන් දීලා ගොඩක් කල් මං ඔයාට කිව්වේ නැත්තේ, ඔයාට දුක හිතෙන නිසා. කොහොමත් ඔයාට ගන්න බැරි උනා නම්, මගේ කමිස දෙකෙන් එකකුයි කලිසන් දෙකෙන් එකකුයි, ඔයාට දෙන්නයි හිටියේ, දැන් ඉතින් කලිසන් දෙකෙන් එකක් දුන්නම් ඇතිනේ"
"මාරු හලෝ "
එහෙම කියලා, මං මගේ යාළුවා බදාගත්තා.
මුකුත් නොකියා වරූන් කුරුල්ලෙක් වගේ "කීචි බීචි" ගෑවා.
ඒ වෙලාවේ වරූන්ගේ ඇස්වලත් කඳුළු පිරිලා තිබුණා.
"වරූන් ඔයා හරි හොඳයි." මං කෙඳුරුවා..
වරූන් ඇස්වල කඳුළු අතින් පිහිදාගෙන මෙහෙම කීවා.
"මතකද? එදා විජිතයා කිව් කතාව ෂර්ලොක් හෝම්ස්"
Warun Saha Wasan - වරූන් සහ වසන්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Sarath Munasinha Arachchi - සරත් මුණසිංහ ආරච්චි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786240022132
- Availability: Available
-
Rs. 600.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kadawuren Eliyata - කඳවුරෙන් එළියට
''එතකොට හාමිනේ හිත හදාගෙන ගල් පාරක් හරි පොලු පාරක් හරි දෙන්න පුළුවන්.දැන් හරි සෙල්ලමක් කාටද පුළුවන් ..
Rs. 140.00
Emalinge Babar Sappuwa - එමලින්ගේ බාබර් සාප්පුව
''මම කිව්වේ තමුසෙගෙ බූදලේ ගැන නෙවෙයි. අපිත් හොඳට කාපු බීපු මිනිස්සු.මමත් උඩින් පාත් වෙලා නැහැ.මගේ අත..
Rs. 100.00
Robarosiya Gasak Pamuladi - රොබරෝසියා ගසක් පාමුලදී
පෙරලී තිබුණ මල් පෝච්චියක රෝසමල් කඩමින් සිටි කුඩා දැරියක් දුටු ජීවානන්ද ඒ අසල නැවතුණේ ය. අත දරුවකු වඩ..
Rs. 225.00
Nirogi Kusum - නිරෝගී කුසුම්
ඔබ නිසා යලි නියන් කාලෙදි කවි නොලීවේ පෑන බොඳ වූ නිසාමයි යලිත් මතුවුණු ව..
Rs. 200.00
Punchi Mimi - පුංචි මිමී
ඊට පස්සේ වැඩි කතා බහක් නැතුව හවස් වෙනකම්ම ඔහේ හිටියා. වේලාසනින්ම අපි තුන්දෙනා නිදා ගත්තා. මම තද නින්..
Rs. 550.00






